පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    සහල් හිඟයක් ඇතිවෙන්නේ නැහැ- දෙසැම්බර් දක්වා අවශ්‍ය සහල් රටේ තිබෙනවා - කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර

    ජූනි 12, 2022

    රටේ සහල් හිඟයක් ඇති නොවන බව බිය නැතිව ප්‍රකාශක කළ හැකි බවද,දෙසැම්බර් දක්වා අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ පවතින බවද කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    ඔහු ඊයේ (11) මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

    සහල් මදි වන ප්‍රමාණයක් ඇති නම් දැනටම එය ඇණවුම් කිරීමට කටයුතු කරන බවද කියාසිටි කෘෂිකර්ම අමාත්‍යවරයා, ඇතැම් කූට වෙළදුන් මිල වැඩි කරන බව පෙනීයන අතරම එම නිසා ඇතැම් පුද්ගලයින් අනවශ්‍ය ලෙස සහල් තොග රැස්කර ගන්නා බවයි.

    එය නිශ්ඵල ක්‍රියාවක් බව සඳහන් කළ අමාත්‍යවරයා, සහල් වල කල් ඉකුත් වන දින දුරින් සදහන් කර තිබුණද මසක් පමණ යන විට ඇතැම් සහල් ගුල්ලන් ගැසීමට හෝ නරක් වීමට ඉඩ ඇති බවද පැවසුවේය.

    එම නිසා තොග රැස් කර නොගන්නා ලෙස ද, වී සදහා ද තත්ත්වය මෙලෙසම බවත්, වී මෝල් වල දිගුකල් තබාගත්තද සාමාන්‍ය නිවෙස් වල දිගු කලක් තබාගත නොහැකි බැවින් රැස්කර තබාගනිමින් අනවශ්‍ය නාස්තියක් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    වී හිඟයක් නොමැති බවද, තමා කෘෂිකර්ම අමාත්‍ය ධූරයට පත්වූ පසු සියලුදෙනාගේම සහාය ලැබුණු අතර එම විශ්වාසයන් මත අවශ්‍ය ඉන්ධන සහ පොහොර ලැබෙනු ඇතැයි වන බලාපොරාත්තුව සමග වී දෙගුණයකින් වැඩිකර ගැනීමට අවස්ථාව උදාවී ඇතැයිද ඔහු පැවසුවේය.

    පොහොර නිකන් ලැබුණු කන්නයට වඩා මෙම යළ කන්නයේ කුඹුරු වගා කරන ප්‍රමාණය වැඩි වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya