මේ වනවිට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුලු ජාත්‍යන්තර ආයතනවල සහයෝගිතාව මතක්‍රියාත්මක වන ව්‍යාපෘති 06ක්පමණ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතී.
මෙම ව්‍යාපෘතිවල වැඩකටයුතු සම්බන්ධයෙන් නිලධාරීන් සමග පසුගියදා පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
දේශීය කෘෂිකර්මාන්තය තුළ තවමත් නිරතව සිටින්නේ වියපත් ගොවි ජනතාව පමණක් බවත් දේශීය කෘෂිකර්මාන්තය යනු තමන්ට දියුණුවිය නොහැකි ක්ෂේත්‍රයක් ලෙස බොහෝ තරුණ පිරිස් ඒ සම්බන්ධව අවිශ්වාසයෙන් පසු වන බවත් එම නිසා තරුණ පරම්පරාවේ විශ්වාසය දිනාගත හැකි පරිදි නව කෘෂිතාක්ෂණික පහසුකම් සහිත ආදර්ශ කෘෂි ගම්මාන, වගා කළාප, හා අපනයනය කළ හැකි බෝගවර්ග ප්‍රවර්ධනය වැනි ව්‍යාපෘති නිර්මාණය කළ යුතු යැයිඅමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම විදේශ වෙළෙඳපොළට තරගකාරීව අපනයනය කළ හැකි කොළ පිපිඤ්ඤා, මිරිස්, හා පලතුරු විශේෂ වැනි ඉහළ වටිනාකමක් සහිත බෝග වර්ගනව කෘෂි තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම සහ ඒවාට අවශ්‍ය පහසුකම් තරුණ ප්‍රජාවට ලබා දෙමින් කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.
TEJC අඹ වගාව, බඩඉරිගු, සෝයා, අන්නාසි, පැෂන් ෆෘට්, කටු අනෝදා වැනි කෘෂි බෝගයන් වගා කළාප වශයෙන් අරඹා එම වගා කළාපවල වැඩි ඉඩක්තරුණ ප්‍රජාවට සැපයීමේ වැඩ පිළිවෙළක් කඩිනමින් අරඹන ලෙස ද අමාත්‍යවරයා සඳහන් කළේය.
තරුණ පරම්පරාව කෘෂිකර්මාන්තයෙන් ඈත් වීම යහපත් ප්‍රවණතාවයක් නොවන බවත් ඉදිරියේ යම් දිනෙක රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි වන්නේ මෙරටකෘෂිකර්මාන්තය ස්ථාවර වුවහොත් පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.