පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 1.5 ක ක්‍රීඩා උපකරණ

    ජූනි 13, 2022

    ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් රුපියල් මිලියන 1.5 ක වටිනාකමකින් යුත් ක්‍රීඩා උපකරණ තොගයක් (10) දින ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රීඩා සංගමයට ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.

     

    සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අතින් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රිඩා සංගමයේ පාපන්දු, ක්‍රිකට්, වොලිබෝල්, බැට්මිටන් ඇතුලු ක්‍රීඩා සමාජවල නායකයින් වෙත මෙම ක්‍රීඩා උපකරණ නිල වශයෙන් ලබාදීම මෙහිදී සිදු විය.

    ක්‍රීඩාව සහ සෞඛ්‍ය අතර පවතින දැඩි සම්බන්ධතාවය මගින් නිරෝගී ජාතියක් රටට දායාද කිරිම අරමුණු කරගෙන ජාතික සෞඛ්‍ය ක්‍රීඩා වැඩසටහන අතිමහත් දායකත්වයක් ලබාදෙනු ලබයි. මෙම ජාතික සෞඛ්‍ය ක්‍රීඩා වැඩසටහන තුල දිවයින පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ වෛද්‍ය ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල රැසක් ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු, දැල් පන්දු, බැට්මිටන්, කරාතේ හා මළල ක්‍රීඩා ජාතික සහ ජාත්‍යන්තර තරග සදහා සහභාගි වේ. මෙලෙස ක්‍රීඩකයින් රැසකගෙන් සැදුම්ලත් ජාතික සෞඛ්‍ය ක්‍රීඩා වැඩසටහනෙහි භෞතික සම්පත් සංවර්ධනය කරමින් ක්‍රීඩා අංශය ශක්තිමත් කිරිම සදහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ක්‍රීඩා උපරකරණ පරිත්‍යාග කර ඇත.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ නිරෝගිමත් ජාතියක් බිහිකිරිමට ක්‍රීඩාව විශාල කාර්යභාරයක් සිදු කරන බවයි. සෞඛ්‍ය සේවකයින් සම්බන්ධ කරගෙන පසුගිය කාලය පුරා ශාරීරික යෝග්‍යතා වැඩසටහන් රැසක් දියත් කළ බවත්, එම වැඩපිළිවෙල ද ක්‍රීඩාව සමග ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට කටයුතු සිදු කළ යුතු බව ද කීය. වසර 100 කට වඩා පැරණි ක්‍රීඩා ඉතිහාසයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති බවත්, රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලි තුල දී ජයග්‍රහණ රැසක් ලබාගැනීමට හැකි වූ බව ද මෙහිදී සිහිපත් කරන ලදි.

    මෙම අවස්ථාවට අතිරේක ලේකම් (සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) සුනිල් ද අල්විස් මහතා, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේනියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාතිලක මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන)කේ.පී යෝගචන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.සී නාලක මහතා ඇතුලු ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රිඩා සංගමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya