පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    අනවශ්‍ය ලෙස සහල් තොග රැස්කිරිමෙන් වළකින්න - ප්‍රමාණවත් වී තොග තිබෙනවා - වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු

    ජූනි 13, 2022

    පසුගිය මහා කන්නයේ වගා කරන ලද වී වලින් ප්‍රමාණවත් වී තොග රට තුළ තිබෙන බැවින් ඉදිරි මාස හත තුළ සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදී.

    එමෙන්ම අනවශ්‍ය ලෙස සහල් තොග රැස කිරීමෙන් වළකින ලෙස ද ඒ මහතා ජනතාවට මෙහි දී දැනුම් දුන් අතර එසේ අනවශ්‍ය ලෙස රැස් කිරීමෙන් සිදු වන්නේ අනවශ්‍ය සහල් හිඟයක් මෙරට
    ඇති වීම පමණක් බවත් හෙතෙම මෙහි දී පැවසුවේ ය.

    මේ අතර කැකුළු සහල් සඳහා ද පසුගිය දා (10) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් උපරිම මිලක් නියම කර ඇති අතර සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 210.00 ක් වේ.

    පාරිභෝගික කටයුතු අධිකාරිය ඉකුත් මැයි මස නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව දේශීය නාඩු කිලෝවක මිල රුපියල් 220 වන අතර සම්බා කිලෝවක මිල රුපියල් 230 ක් සහ කීරි සම්බා කිලෝවක මිල 260 ක් වේ.

    පසුගිය මාස එකහමාරක කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉදිරි සතිය තුළ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ වල පවත්නා මිලට වඩා තවත් මිල වැඩිවීමක් සිදු වුවහොත් මේ සම්බන්ධවත් අවශ්‍ය තීන්දු ගැනීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya