ජපානය හා ශ්‍රී ලංකාව අතර තරුණ හුවමාරු වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳවත් දැනට අතරමග නැවතී ඇති ‘නිපෝන් මාරු වැඩසටහන’ යලි ආරම්භ කිරීම පිළිබඳවත් එහි දී සාකච්ජා කෙරිණි.
ජපානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවත් මෙහිදී ජපන් නියෝජ්‍ය තානාපතිවරයා පැවසීය. එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
ජපානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගය ලබාදෙනවා.
1983 ආරම්භ කළ ජාතික තරුණ සේවා සභාව ගොඩනැංවීම සඳහා ජපාන රජයේ සහයෝගය ලබාදීම පිළිබඳව ජපන් නියෝජ්‍ය තනාපතිතුමන්ට මා ස්තූතිවන්ත වෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.