පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    වගා නොකරන ලද පුරන් කුඹුරු වසර 05කට වගා කිරීමට තරුණ ප්‍රජාවට පවරා දීමේ වැඩ පිළිවෙළක්.

    ජූනි 13, 2022

    දිවයින පුරා මෙතෙක් වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05කට පවරා ගැනීමේ වැඩපිළිවෙළක්ආරම්භ කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීම පසුගියදා (10) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දී පැවැති මෙම රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම සමිබන්ධවඅමාත්‍යවරයාගෙන් කරුණු විමසා ඇත.එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා දැනට වගා නොකර අත්හැර ඇති කුඹුරු ඉඩම් සම්බන්ධව විශේෂවැඩපිළිවෙළක් අරඹන බව සඳහන් කළේය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් එම ඉඩම් හඳුනාගෙන ඒවා වසර 05කට ඉඩම් නොමැති පුද්ගලයින්ටවගා කිරීම සඳහා පවරා දෙන බවත්, එහිදී වගා කිරීමට ඉඩම් නොමැති හා ඒ සඳහා කැමැත්තක් දක්වන තරුණ ප්‍රජාවට ප්‍රමුඛත්වය ලබා දීමට පියවරගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

    “බොහෝ පුරන් කුඹුරුවල අයිතිය තිබෙන පුද්ගලයින් විදේශ ගතව සිටිනවා. ඒ වගේම තවත් සමහරු ශ්‍රම හිඟය නිසා එම කුඹුරු අස්වද්දන්නේ නැහැ. දැනට අපි ගණන් බලා ඇති පරිදි දිවයින පුරා පුරන් කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂයකට වැඩිය තිබෙනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ බස්නාහිර පළාතේ. වගා කළ හැකි පුරන් කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 50,000කකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. වගා කිරීමට නුසුදුසු කුඹුරු ඉඩම් ද හෙක්ටෙයාර් 20,000 විතර තිබෙනවා.”

    “ මම 2018/ 19 කෘෂිකර්ම අමාත්‍යවරයා සිටිය දී පුරන් කුඹුරු ඉඩම් අක්කර 27,000ක් වගා කිරීමට පියවර ගත්තා. ඒ අන්දමින් මීලඟ මහ කන්නය තුළපුරන් කුඹුරු වැඩි ප්‍රමාණයක් නැවත අස්වැද්දීමට දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. බොහෝ පුරන් කුඹුරුවල මුං ඇට, සෝයා, බඩඉරිගු හාකව්පි වැනි ධාන්‍ය වර්ග කළ හැකියි. ඇතැම් වගුරු සහිත කුඹුරු වල සෝජාන් ක්‍රමයට එළවලු වගාව හා මත්ස්‍ය වගාව කළ හැකියි.මේ සියල්ලම කෙරෙහි මම දැනටමත් නිලධාරින් සමග සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා” යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුලුපිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya