පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    පාපැදිකරුවන්ට වෙනම මංතීරුවක් - ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි

    ජූනි 13, 2022

    පාපැදිකරුවන්ට වෙනම මංතීරුවක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    මේ වන විට දැනට තිබෙන මාර්ග වල පාපැදි සඳහා වෙනම මන්තිරුවක් ලබා දීමට හැකි ද යන්න පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බව ඒ මහතා පැවසූ අතර අතර මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක් ව දෙහිවල සිට කොල්ලුපිටිය දක්වා වූ මුහුදු බඩ මාර්ගයේ පාපැදි මංතිරුව ද ක්‍රියාත්මක කිරීමට ද නියමිතව ඇති බව හෙතම සඳහන් කළේය. මෙලෙස අතුරුමාර්ග වල ද පාපැදි ගමන් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

    ඒ අනුව, කොළඹ නගරයට ඇතුල් වන සියලුම මාර්ග වල ද පාපැදි මංතිරුව ලබා දීමට පියවර ගන්නා බවත්  එමඟින් කොළඹ නගරයේ වාහන තදබදයට විසඳුමක් ලබා දීමට හැකි වෙනු ඇති බව ද පැවසීය. එපමණක් නොව පාපැදිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉතාම සැළකිලිමත්ව මෙම කටයුත්ත සිදු කිරීමට ද වග බල ගන්නා බව ඒ මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya