අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    පොසොන් පෝ දිනය, ශ්‍රී ලාංකික ජාතික ආධ්‍යාත්මික සංකේතීය දිනයයි

    ජූනි 14, 2022

    පොසොන් පොහෝය දින පණිවිඩය.

     පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.

    මෙරට ජාතික සංස්කෘතිය බුදු දහමේ අර්ථ නිරූපණය තුළින් පෝෂිතව නිර්මාණවීම ඇරැඹෙනුයේ පොසොන් පොහෝ දින සිදු වූ මිහිඳු මහරහතුන් වහන්සේගේ ආගමනය සමග ය .

    එවන් පූජනීය පොසොන් දිනය එළඹී මොහොතේ මාගේ සුභාශිංශන පැතුම් එක්කරමි.

    වෙසෙසින්ම පොසොන් පෝ දිනය යනු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ද දෙවන පෑතිස් රජතුමාද එක්ව ශ්‍රී ලාංකික රාජ්‍යය ධර්ම හරයාත්මක දේශපාලනයෙන් මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ ආධ්‍යාත්මික සුව සිසිලද එක්තැන් කොට නිර්මාණය කළා වූ දිනයය.

     

    මෙරට බෞද්ධ ජනතාවගේ නිබද ගෞරවාදරයට පාත්‍ර වූ පෝය දිනයක් ලෙස මහා සංඝරත්නය සහ ජනතාවද රාජ්‍ය පාලනය ද එක්ව පොසොන් පොහෝ දිනය සමරන්නේ එබැවිනි.

     

    2022 වසර පොසොන් පෝ දිනය උදා වූ මේ මොහොතේ සිහිපත් කළ යුත්තේ පොසොන් පොහෝ දිනය ජාතික රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීමට එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස ද මාද මුල් වූ යහපාලන රජයට හැකි වූ බවය.

     

    පොසොන් පෝ දිනය, ශ්‍රී ලාංකික ජාතික ආධ්‍යාත්මික සංකේතීය දිනය ලෙසින් ම ශ්‍රී ලාංකික රාජ්‍ය දේශපාලනයේ ප්‍රභාවිත දිනය ලෙසද අපි සලකන්නේ ය.

     

    විශේෂයෙන්ම වැව,කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ පොසොන් පෝ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමගය.

    මේ මොහොතේ ද මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනුදැන වදාළ ධර්ම මාර්ගය ශ්‍රී ලාංකික රාජ්‍යය පත්ව ඇති දේශපාලන සමාජ ආර්ථික වියවුල තුනී කොට සැනසුණු සමාජයක් සඳහා අපට මාර්ග සිතියමක් වැනිය.

    දේශීය පොළව මත ආහාර නිපදවා ගනිමින් වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ල හස්ති පදෝපම සූත්‍රය අනුදැන වදාළමින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ අපේ ආදර්ශය බවට පත්කර ගත යුතුය.

    එමෙන්ම උදා වූ පොසොන් පෝ දිනය ට පිළිවෙතින් යුතුව අප සැවොම අදිටනින් යුතුව එක් විය යුත්තේ එවන් ප්‍රතිපදා ගත ධර්මය පණිවිඩයකින් ලංකා රාජ්‍යය නැවත මහා සම්මත සන්සුන් දියුණු සමාජයක් බවට පත් කරමින්ය.

    මෙකී මාවත මිහිඳු මහරහතන් වහන්සේගෙන් දායාදව සම්මත වූ පොසොන් සංස්කෘතිය ආරක්ෂා කිරීමේ මාර්ගයය.

     

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය,

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී
    සමාජවාදී ජනරජය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya