පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් දුරකතයෙන් අමතයි

    ජූනි 14, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.

    ශ්‍රී ලංකාව - ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ඇන්ටනි බ්ලින්කන් මහතා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟ වූ අතර  IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සදහා ද එකඟ විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පල කරන ලෙසයි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya