පොසොන් පොහොය යෙදුනු අද දිනයේ දී මිහින්තලා අලෝක පූජාව පවත්වනු ලැබුවේ ගෞරවනීය මහා සංඝරත්නයේ හා බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍යාමෝපාලී නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අග්ග මහා පණ්ඩිත පූජ්‍ය නියංගොඩ විජිත සිරි , ජූජ්‍ය පාද ආණමඩුවේ දම්ම දස්සී අනුනායක හිමිපාණන්වහන්සේ , රාමඤ්ඤ මහා නිකායේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද යන නායක ස්වාමීන්වහන්සේ ලා මෙහි දී අනුශාසනා පැවැත්වූ හ.
මෙහිදී අදහස් දැක් වූ මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සදහන් කලේ, අසීරු කාලයක වුවත් මෙම පොසොන් රාජ්‍ය උත්සවය පැවැත්වීමට සහය දැක්වූ සියලුදෙනා වෙත සිය ස්තුතිය පළකරන බවය.
මේ අවස්ථාවට බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ , අනුරාධපුර මහ දිසාපති ජනක ජයසුන්දර , බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම , අතිරේක දිස්ත්‍රික් ලේකම් විජය වනසිංහ , මිහන්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට පැමිණියහ.
DMU/Anuradhapura