පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන අර්බුදයට විසඳුමක් - නව ප්‍රවාහන වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මකයි

    ජූනි 15, 2022

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට අයත් ආයතන ප්‍රධානීන් හා විෂයේ ප්‍රාමාණික විද්වතුන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් අනුව, පවතින ඉන්ධන අර්බුදයට පිළියම් වශයෙන් හඳුනා ගැණුනු ප්‍රවාහන වැඩපිළිවෙල අද (15) සිට ක්‍රියාත්මක කරන ලදී.

    Park and ride ක්‍රමවේදය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගියදා ලබා දුන් උපදෙස් අනුව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිය පුද්ගලික වාහනය නවත්වා city bus සේවාව භාවිතයෙන් සිය දෛනික ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අද සිට පහසුකම් සලසා ඇත.

    එමෙන්ම මීට සමගාමීව කඩවත අධිවේගී මාර්ග පිවිසුමේ සිට කොළඹ දක්වා ද, ගාලු පාර කටුබැද්ද සිට කොළඹ දක්වා ද city bus සේවාවක් ආරම්භ කර ඇත.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිය පුද්ගලික වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට ඇති අපහසුතාවයත්, ඉන්ධන සඳහා දැරීමට සිදුව ඇති අධික වියදම සඳහා ද මෙම city bus සේවාව තුළින් විසඳුමක් ලැබෙනු ඇති බවයි.

    එමෙන්ම ඉන්ධන අර්බුදය අවසන් වීමෙන් පසුව වුවද මෙම සේවාවන් තුළින් සිය දෛනික කටයුතු ඉටු කරගැනීම මඟී ජනතාවට සිය ආර්ථික තත්වය සුරක්ෂිත කරගැනීමට මහෝපකාරී වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරන ලදී.

    කැළණිවැලි දුම්රිය මාර්ගයේ පාදුක්ක වග සිට කොළඹ කොටුව දක්වා වූ, කාර්යාල හා පාසල් සිසුන් ප්‍රවාහන දුම්රිය වාරයක් අද (15) පෙරවරු 6.20ට ආරම්භ කරන ලද අතර, මෙම දුම්රිය වාරය ආරම්භ කිරීම තුළින් සිය දෛනික බස් ගාස්තුව අවම වීම මෙන්ම, මාර්ග තදබදය හේතුවෙන් සේවයට වාර්තා කිරීමේ ප්‍රමාදයන් අවම වීම සම්බන්ධයෙන් මඟී ජනතාව සිය ස්තුතිය පළ කරන ලදී.

    පාදුක්ක වග දුම්රිය ස්ථානයේ සිට ධාවනය කරන ලද මෙම කාර්යාල හා පාසල් ප්‍රවාහන දුම්රිය පෙරවරු 8.12 වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා විය.

    මීට අමතරව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා වූ දුම්රිය වාරයක් අද (15) පෙරවරු 5.20ට ආරම්භ කරන ලදී. එමෙන්ම සෑම සිකුරාදා දිනකම රාත්‍රී 10.00ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට යාපනය හා කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වා ගමන් ගන්නා රාත්‍රී දුමරිය වාරයක් ද ආරම්භ කර ඇත.

    පෞද්ගලික වාහන දුම්රිය ස්ථානය ආශ්‍රිත නැවතුම්පළක නවත්වා ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් දුම්රිය මඟින් සලසා ගැනීමට ද කටයුතු සලසමින් පවතින බවත්, අනෙකුත් දුම්රිය වාර සඳහා දුම්රිය මැදිරි ප්‍රමාණය වැඩි කිරී‍ම අදියර වශයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් දුම්රිය බලධාරීන් මෙහිදී ප්‍රකාශ කරන ලදී

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya