අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    කොට්ටාව පේෂකර්ම මධ්‍යස්ථානයේ ප්‍රගතිය සොයාබැලේ

    ජූනි 16, 2022

    කොට්ටාව පේෂකර්ම මධ්‍යස්ථානයේ ප්‍රගතිය බැලීමට සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පේෂකර්ම මධ්‍යස්ථානයට යයි.

    පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කොට්ටාව පේෂකර්ම මධ්‍යස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා මැදිහත්වීමෙන් යොමු කළ ප්‍රතිපාදනවලින් සිදු කරන ලද සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද එක්වූ මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා කැස්බෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාල සැලසුම් අධ්‍යක්ෂක ඒ. පෙරේරා, කොළඹ දිස්ත්‍රික් ප්‍රේෂකාර්මිකයින්ගේ සමිති සභාපති වී. අමරසිංහ, සාමාන්‍යාධිකාරී ඒ. කරුණාරත්න, උප සභාපති පියසිරි ලියනගේ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ , මහරගම විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති හේමලාල් ජයසිරි, මහරගම නාගරික මන්ත්‍රී සාවිත්‍රි ගුණසේකර, කැස්බෑව නාගරික මන්ත්‍රී ලලිත් රෝහණ ලියනගේ, හෝමාගම ප්‍රාදේශීය සභ මන්ත්‍රී අරුණ ශාන්ත යන මහත්වරු එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya