සතුන් කෙරෙහි කරුණාව, දයාව සහ නිසි සැලකිල්ලක් දැක්වීම සහ සතුන්ගේ ආරක්ෂාව, සුභසාධනය මෙන්ම යහපැවැත්ම සුරක්ෂිත කිරීමත්, සතුන් කෘෘරත්වයට ලක් වීමෙන් ආරක්ෂා කිරීමත් මෙම පනතෙහි මූලික අරමුණ වන අතර පනත් කෙටුම්පත මඟින් ඉදිරිපත් කර ඇති කාරණා සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරන ලෙස ද ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා සංශෝධන පවතින්නේ නම් එ්වා ද ඉදිරිපත් කරන ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාව හමුවේ ඉල්ලීමක් කළේය.
එපමණක් නොව, පවතින ආහාර අර්බුදය හමුවේ ගෙවතු වගාව සම්බන්ධයෙන් ජනතාව මේ වන විට වැඩි උනන්දුවක් දක්වන බැවින්, තවදුරටත් ගෙවතු වගාව සඳහා ජනතාව දිරිමත් කිරීමේ වැදගත්කම මෙන්ම
රජයේ සියලු කාර්යාලවල ඉඩම් වගාකටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් කාරක සභාවේදී යොමු විණි. මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක අංශය මෙන්ම සිරකරුවන් තුන්දහසක පමණ සංඛ්‍යාවක් යොදවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සෑම ප්‍රදේශයකම භාවිත නොකරන කුඹුරු ඉඩම් මෙන්ම කුඹුරු ඉඩම් ගොඩකර ගොඩනැගිලි ඉදිකිරීම සහ ජලපෝෂක ගැටලු සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව වගා කළ හැකි කුඹුරු ඉඩම් සහ වගා කළ නොහැකි ඉඩම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් කමිටුවක් ස්ථාපිත කර නිසි ලේඛනයක් සකස් කිරීම වැදගත් බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද නිලධාරීන් හමුවේ අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදි.
පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ග්‍රාමීය හා නාගරික වශයෙන් තරුණයන් දිරිමත් කිරීමේ වැදගත්කම පිළිබවද සභාවේ අවධානයට යොමු වූ අතර මේ සඳහා නිසි සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිලධාරීන් දැනුවත් කළ අතර දැනට වගා කටයුතු සිදු නොවන ඉඩම් වල වගා කටයුතු සිදු කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සහාය නිරන්තරයෙන් ලබා දෙන ලෙසද කාරක සභාව හමුවේ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා විසින් අවධාරණය කරන ලදී.
ඉදිරියේදී ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පොහොර, වී සහ බඩ ඉරිඟු වගාවන් සඳහා ජූලි මාසයේදී ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර එම පොහොර බෙදා හැරීමේදී සැලසුම් සහගතව මෙන්ම ප්‍රමුඛතාවයන් හඳුනාගනිමින් බෙදා හැරීමේ කටයුතු සිදුවන බවත් අමාත්‍යවරයා කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.
අස්වනු හානිය සම්බන්ධයෙන්ද සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් සාධනීය වාර්තාවක් සකස් කළ යුතු බව ද අවධානයට යොමු විය. විශේෂයෙන් ගෙවතු වගා කටයුතු වලදී ජනතාවට විවිධ ගැටලු මතුවන නිසා, ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීමට කෘෂි සායන දිවයින පුරා ආවරණය වන පරිදි පැවැත්වීමේ වැදගත්කමත් , මේ සඳහා නිලධාරීන් සක්‍රීය ලෙස කටයුතු කළයුතු බවත් සභාවේ අවධානය යොමුවිණී.
දැනට වගා නොකළ ඉඩම් වගා කිරීම දිරිමත් කරන වැඩසටහනක් ලෙස “එක්ව වවමු - රට දිනවමු” වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ගේ අවධානය සඳහා යොමු කිරීමට සූදානම් බවත්, මේ
සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවත් අමාත්‍යාංශයේ ලේකම්වරයා සභාව හමුවේ පැහැදිලි කළේය.
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන කේ.කාදර් මස්තාන් මහතා, තාරක බාලසූරිය මහතා, සිවඥානම් ශ්‍රීදරන් මහතා, මොහොමඩ් මුසම්මිල් මහතා, වීරසුමන වීරසිංහ මහතා, මධුර විතානගේ මහතා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා මෙන්ම රජයේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.