පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    තරුණ වගා අරගලය අරඹමු-අමාත්‍ය රොෂාන් රණසිංහ

    ජූනි 19, 2022

    රටක ජීවනාලිය වන තරුණ පරපුර වඩා ධනාත්මක ආකාරයෙන් රටේ සංවර්ධන සංග්‍රාමය සදහා දායක කර ගත යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසූවේ, පසුගියදා ජාතික තරුණ සේවා සභාවේ ‘‘අලුතින් හිතන තාරුණ්‍යට සරුසාර හෙටක්’’ ගොවි සතිය වෙනුවෙන් පැවති සාකච්ඡාවකදී ය.

    ඉදිරියේදී රට තුළ දැවැන්ත ආහාර අර්බුධයක් ඇති වන බව අද සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් ව හමාරය.

    රටක් ලෙස අපි එම අභියෝගය ජය ගත යුතුය. රටක ජීවනාලිය වූ තරුණ පරපුර නියෝජනය කරන ජාතික තරුණ සේවා සභාව ඇතුලු තාරුණ්‍යය නියෝජනය කරන සියලු ආයතන ඇතුලත් යෞවන කටයුතු අමාත්‍යාංශයේ දායකත්වය රටට අවැසි මොහොතකි.

    විෂය භාර අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව මූලික කර ගත් ජාතික වැඩසටහනක් දියත් කිරීමට කටයුතු සම්පාදනය කළේය. ඒ අනුව තරුණ ගොවි සතිය නිර්මාණය විය.

    ‘‘අලුතින් හිතන තාරුණ්‍යට සරුසාර හෙටක්’’ තේමාපාඨයෙන් මැයි 16 (දින) ඇරඹෙන මෙම වැඩසටහන හරහා සරුසාර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා තරුණ තරුණියන් සුහුරු ගොවිපල ක්‍රමයට යොමු කර සුහුරු ගොවි තරුණයෙකු බිහි කිරීම මෙමගින් සිදු කෙරේ.

    මෙය තරුණ වගා අරගලයක් ලෙස හැදින් වූ අමාත්‍යවරයා එහිදී පැවසූවේ ‘‘රටේ ආර්ථික අර්බුද හමුවේ තරුණ තරුණියන් කෘෂි කර්මාන්තය වෙත යොමු කිරීම තුළින් ජාතික අවශ්‍යතාවන් ආවරණය වන පරිදි තරුණ ගොවි බලකායක් නිර්මාණය කිරීම මගේ අපේක්ෂාවක්. මේ තුළින් තම නිවාස තුළ වගා කටයුතු ආරම්භ කිරීමට සමස්ථ තරුණ පරපුරම දිරි ගැන්වීම සිදු වෙනවා. තමන්ට හිමි සෑම බිම් අගලකම වගා කටයුතු සිදු කිරීමට තරුණයින් හට ජාතික තරුණ සේවා සභාව හරහා අවශ්‍ය මගපෙන්වීම හා දායකත්වය ලබා දීමට මම කටයුතු කරනවා.‍

    මිලියන 05 ක් වන රටේ තාරුණ්‍ය වගා අරගලය සදහා දායක කර ගැනීම මගේ බලාපොරොත්තුවයි. ජාතික තරුණ සේවා සභාව හරහා ක්‍රියාත්මක මෙම වැඩසටහන මැයි 16 වනදා සිට මැයි 20 වනදා දක්වා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන්ගේ දායකත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ජාතික තරුණ සේවා සභාවේ ගොවිපොල 20 ක්, පුහුණු මධ්‍යස්ථාන 54 ක්, පළාත් කාර්යාල 10 ක්, දිස්ත්‍රික් කාර්යාල 26 ක් හා සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන පැවැත්විමට කටයුතු යොදා තිබෙනවා.
    අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වගා සංග්‍රාමය ජුනි 16 වන දින බිම් සකස් කිරිමේ කටයුතු සදහා ද ජුනි 20 දින බීජ හා පැල සිටවීමේ කටයුතු ද සිදු කරනවා. මෙම තරුණ වගා අරගලය සදහා එක්වන ලෙස රටට ආදරේ තාරුණ්‍යයට මම ආරාධනා කරනවා’’ යැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya