ජූනි 16, 2025
tami eng youtube  twitter facebook

    අනුලා දේවී චෛත්‍යයෙහි කැනීම් කටයුතු සංස්කෘතික ඇමතිගේ නිරීක්ෂණයට

    ජූනි 19, 2022

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කළ අනුලා දේවී චෛත්‍යයෙහි මේවන විට සිදු කර තිබෙන කැනීම් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කටයුතු කළේ ය.

    අනුලා දේවී චෛත්‍යයෙහි කැනීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී සොයා බැලීය.

    දිගු කලක් මුළුල්ලේ නිසි අවධානයක් නොමැති ව වනය නතු කරගෙන සිටි මෙම අතිවන්දනීය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් හා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම 2021 දෙසැම්බර් මස 26 වැනි දින මිහින්තලා රාජමහාවිහාරාධිපති හා භාරකාර අතිගෞරවාර්හ වලවාහැංගුණුවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් තායිවානයේ ප්‍රධාන සංඝනායක, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති අතිගෞරවාර්හ බෝදාගම චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දායකත්වයෙන් මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    අපේ රටේ ප්‍රථම භික්ෂුණීන් වහන්සේ වන අනුලා දේවිය ඇතුළු රහත් මෙහෙණින් වහන්සේලා මිහින්තලේ පිහිටි අනුලාදේවි චෛත්‍ය පිහිටි භූමියෙහි වැඩවාසය කල බවට සැලකෙන අතර. ක්‍රි.පූ.02 සියවසේදී පමණ විහාර මහා දේවිය විසින් මෙම ස්ථානයේ විහාර ආරාම ඉදිකර පූජා කර තිබූ බවට සාධක දක්නට ඇති අතර අනුරාධපුර මුල් භාගයට අයත් ස්ථූපයක නටබුන්, මැටි බදුන් කොටස් , ගොඩනැගිලි අවශේෂ කොටස් ඇතුළු පුරාවිද්‍යා වස්තූන් මේ වන විට සොයා ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya