ජූනි 16, 2025
tami eng youtube  twitter facebook

    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත්වලට අනුමතිය

    ජූනි 19, 2022

    ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීමට නියමිතව ඇති අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත්වලට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය පසුගියදා (09) හිමිවිය.

    අමාත්‍ය (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත් සලකා බැලීම සිදුවිය.

    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 442 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර නඩුවක එක් එක් පාර්ශවයකට නඩු තීන්දුවේ හෝ නඩු වාර්තාවේ අවසාන ආඥාවේ එක් සහතික පිටපතක් ගාස්තු අය කිරීමෙන් තොරව ලබා දීම සිදුවේ.

    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිවිල් නඩු විධාන සංග්‍රහය පනතට 154(අ) නව වගන්තිය ඇතුළත් කරනු ලබන අතර යම් නීති කෘත්‍යයන්හීදී ඇතැම් ලේඛන විධිමත් ඔප්පු කිරීමෙන් නිදහස් කිරීම සිදුවේ.

    ජී.ජී පොන්නම්බලම්, අනුප පැස්කුවල්, එම්. ඒ සුමන්තිරන්, ඩයනා ගමගේ, තාරක බාලසූරිය, මයන්ත දිසානායක ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක්ද අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙ‍ෙර්රා මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya