එමෙන්ම මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතුව පවතින සම්බා වී තොග උපයෝගී කර ගනිමින් ‘PMB Rice’ නමින් කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 10 ප්‍රමාණයෙන් සහල් මලු වෙළඳපොළට වහාම නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.
වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් සමග අද (16) කොළඹ වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයාමෙම උපදෙස් ලබා දී තිබේ.
වෙළඳපොළ තුළ ඇති සහල් හිඟ තත්ත්වය සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර වී අලෙවි මණ්ඩලය පසුගිය සතිය තුළසහල් මෙ.ටො. 1500ක් වෙළඳපොළට නිකුත් කර ඇත.
එමෙන්ම මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතු ගබඩා වහලවල වර්ග අඩි විසි ලක්ෂයක පමණ ඉඩකඩ ඇති බැවින් ඒවා උපයෝගී කර ගනිමින් සූර්යබලශක්තිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
තවද යල කන්නයේ වී අස්වනු නෙලීම දැනට ආරම්භ වී ඇති බැවින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතුකරන ලෙස ද මෙහිදී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාවට වී අලෙවි මණ්ඩල සභාපති නීල් ද අල්විස් සහ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී විය