පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    හෙට සිට ඉදිරි දින පහ කොළඹ ඇතුළු තදාසන්න නාගරික ප්‍රදේශවල පාසල් නොපැවැත්වෙයි- අධ්‍යාපන අමාත්‍ය

    ජූනි 19, 2022

    හෙට සිට ඉදිරි දින පහ, කොළඹ ඇතුළු තදාසන්න නාගරික ප්‍රදේශ වල පාසල් නොපවැත්වීමට ,එම කාලසීමාව දරුවන්ට අහිමි වීමට ඉඩ නොදී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමිණි. රට තුළ උද්ගත වී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතු සීමා වීම නිසා මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම කාලසීමාව තුළ එම ප්‍ර‌දේශවලට අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් තමා ඒම අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය. ඊ ළග සතියේදී අධ්‍යාපන කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් එළඹෙන සෙනසුරාදා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරය සඳහන් කළේය.

    වරින් වර පාසල් වසා දැමීම හේතුවෙන් 2020 වසරේ දින 100ක් බස්නාහිර පළාතේ දරුවන්ට අහිමි වී තිබේ. 2021 වසරේ දින 127 ක් සහ 2022 වසරේ දෙවන වාරය වන විටද බොහෝ පාසල් දින ගණනක් දරුවන්ට අහිමි වී තිබේ. ඒළඹෙන අගෝස්තු නිවාඩුව සහ දෙසැම්බර් නිවාඩුව සීමා කරමින් මෙම පාසල් දින සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

    විශේෂයෙන්ම කොවිඩ් ව්‍යසනය හේතුවෙන් විශාල බලපෑමට ලක් වූ ප්‍රාථමික අධ්‍යාපනයේ දරුවන් සම්බන්ධයෙන් විශේෂ පුහුණු සැසි පැවැත් වීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

    කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ ඔන්ලයින් ක්‍රමවේද භාවිතා කළද ග්‍රාමීය ප්‍රදේශ වල, අන්තර්ජාල පහසුකම් අවම ප්‍රදේශවල , ළමුන් 200ට අඩු දරුවන් සිටින පාසල් 3000ක පමණ දරුවන්ට මහත් පාඩුවක් සිදු වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඒම ප්‍රදේශ වල පාසල් පැවැත්වීමට විදුහල්පතිවරයාට ඉඩ ලබා දී ඇතැයිද කීය. ළමුන්ගේ පාසල් දින ගණන අඩු කිරීමට හෝ කාලච්ඡේද අඩු කිරීමට කිසි සේත් බලාපොරොත්තු නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya