පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook

    විභාග රාජකාරීවල යෙදෙන නිලධාරින්ට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ඉඩ දෙන්න- විභාග කොමසාරිස් ජනරාල්

    ජූනි 19, 2022

    2021 වසරේ ප්‍රමාද වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයන්හි ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු මේ දිනවල සිදු වන බැවින් එම විභාග රාජකාරී වල යෙදෙන නිලධාරින් සඳහා බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහා ඉඩ ලබා දෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ඉල්ලීමක් කළේ ය.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

    රට පුරා මධ්‍යස්ථාන 110කදී මේ වන විටත් විභාග උත්තර පත්තර ඇගයීම් කටයුතු සිදු වේ. ඉදිරියේදී මෙම නිලධාරින්ගේ ඉන්ධන සැපයීමේ කටයුතු තවදුරටත් ක්‍රමවත් කිරීමට බලාපොරොත්තු වන බව කී විභාග කොමසාරිස්වරයා, අපහසුතාවන් විඳගනිමින් දරුවන්‌ වෙනුවෙන් මෙම උත්තර පත්තර ඇගයීම් කටයුතු කර දෙන්නැයි ද නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

    එම නිලධාරින් සඳහා සිදු කරන දෛනික දීමනාවන් වැඩි කිරීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කරන බවද විභාග කොමසාරිස්වරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya