එසේම ඉදිරි සති දෙකේදි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සීමිත කාර්ය මණ්ඩලයක් සේවයේ නිරත වන බැවින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2022 අනුව සඳුදා සිට (20) සති දෙකක කාලයක් නිලධාරීන් කැඳවීමේ 50% ක සීමාව තුළ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සේවා මුර ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
එබැවින් සීමිත කාර්ය මණ්ඩලයක් කටයුතු කිරීම තුළ ඇතිවිය හැකි දුෂ්කරතා අවම කර ගැනීමට වෙබ් අඩවියෙන් දිනයක් සහ වේලාවක් වෙන් කිරීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.