ජූනි 16, 2025
tami eng youtube  twitter facebook

    විදේශ රැකියා සම්බන්ධව මහජනතාවට කෙරෙන විශේෂ නිවේදනයයි

    ජූනි 19, 2022

    විදේශ රැකියා සම්බන්ධව මහජනතාවට කෙරෙන විශේෂ නිවේදනයයි

    විදේශ රැකියා සම්බන්ධව මේ දිනවල බෙහෝ පිරිස් උනන්දුවක් දක්වන අතර, ඒ් හේතුවෙන් ඔවුන් ජාවාරම්කරුවන්ට හසුවු අවස්ථා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්ථා වී තිබේ. විශේෂයෙන් රුමේනියාව, ඊශ්‍රායලය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා ලැබී ඇති බවට අසත්‍ය තොරතුරු විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් වංචනිකව මුදල් ලබා ගැනිමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හා එම ආයතන වෙත ලැබි ඇති රැකියා සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගන්න. එමෙන්ම, මුදල් හෝ ගමන් බලපත්‍ර යම් පාර්ශවයකට ලබාදීමට පෙර එම ආයතනවල නීත්‍යානුකුලභාවය ගැන සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියාලාභීන්ට දැනුම් දෙයි.

    විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ 1989 අංකයෙන් පැය 24 පුරාවට ලබාගත හැකිවේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya