වර්ග කිලෝමීටර් 699ක් වැනි කුඩා භූමි ප්‍රමාණයක ලක්ෂ24 ක ජනතාවක් ගෘහ ඒකක 590000 ක ජීවත් වන බව පෙන්වා දෙන යසරත්න මහතා, මෙම කෘෂිකාර්මික වැඩසටහන කොවිඩ් වසංගත කාලයේ දී ආරම්භ කළ බවත් පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය කළමනාකරණය කරන ආකාරය පිළිබඳව අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
දින 67ක් පමණ පැවති නිරෝධායන ඇදිරිනීතිය කාලසීමවේදී කොළඹ දිස්ත්‍රික්කය විශාල බලපෑමකට ලක් වූ බව පෙන්වා දෙන ඒ මහතා, ප්‍රජා සංවිධාන, පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය එක්ව එම කාලසීමවේදී කෘෂිකාර්මික කටයුතු ආරම්භ කළ බව පැවසීය.එසේම මෙම වගා කටයුතු සඳහා විවිධ ක්ෂේත්‍රනියෝජනය කළ තරුණ පිරිස් දායක් වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.මෙම පිරිසට කොළඹ දිස්ත්‍රික්කයේ පැවති පුරන් කුඹුරු 800කට අධික ප්‍රමාණයක්අස්වැද්දීමට හැකි වූ බවද යසරත්න මහතා පැවසීය.
තවද කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ කෘෂිකාර්මික අංශයන් පවතින බව පෙන්වා දුන් ඒ මහතා තේ පොල් රබර් යන අපනයන භෝගයන් මෙන්ම විවිධ පළතුරුවගා කෙරෙන බවත් යල මහ කන්න දෙකම වගා කිරීමේ හැකියාව මෙම දිස්ත්‍රික්කයේ පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.
මෙම දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවලට ගැළපෙන කෘෂිකාර්මික වගාවන් මොනවාද යන්න මේ වන විට හඳුනා ගෙන ඇති බව පැවසූ ඒ මහතා නාගරිකමෙන්ම ග්‍රාමීය මට්ටමෙන් කෘෂිකාර්මික කටයුතු ආරම්භ කර ඇති බවත් පැවසීය.
එසේම භාවිතයට නොගෙන පවතින රජයේ සහ පෞද්ගලික අංශ ඉඩම් භාවිත කෙරෙමින් වගා කටයුතු සිදු කෙරෙන බවත් විහාරස්ථාන පෙරපාසල් ආබාධිතනිවාස වැඩිහිටි නිවාස ඇතුලු භාවිත කළ හැකි සෑම භූමියකම මේ වන විට වගා කටයුතු ආරම්භ කර ඇති බවද යසරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
--