2022 යල කන්නය හා 2022/23 මහ කන්නයේ පොහොර සැපයීම සම්බන්ධව අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීම සම්බන්ධව පසුගියදා (17) පැවැතිසාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම යුරියා පොහොර තොගය ඉන්දීය රජය විසින් එම රටේ වී හා ඉඩඉරිඟු වගාව සඳහා ඕමාන් රටෙන් ඇණවුම් කරන ලද්දකි. මෙම පොහොර තොගයෙන්මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාව සඳහාත් ලබා දීමට පියවර ගෙන ඇත. එමෙන්ම ලබන මස 06 දිනයුරියා පොහොර තොගය ලැබුනු පසු දින කිහිපයක් තුළ ඒවා රටපුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත බෙදා දීමට කටයුතු යොදාතිබේ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා;
සෑම නිලධාරියෙක්ම, හැම ආයතනයක්ම පොහොර බෙදා හැරීමේ වැඩ පිළීවෙළ සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. කිසිදු අක්‍රමිකතාවයක් සිදුනොවීමට වග බලා ගැනීම නිලධාරින්ගේ වගකීමක්. කිසියම් වගකිව නිලධාරියෙක් මගින් යම් අක්‍රමිකතාවයක් සිදු වන බවට වාර්තා වුවහොත් තරාතිරමනොබලා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා
අපිට අවශ්‍ය රටේ ගොවි ජනතාව මුහුණ දී සිටින පොහොර ගැටළුව විසදීමයි. යම් අය යම් යම් දේ ප්‍රකාශ කළ හැකියි. සමහරුන්ට ආණ්ඩුව මොනවා කළත්වැරදි විදියට තමයි ඒවා දකින්නේ. ඒ අයට දිව්‍ය ලෝකයෙන් අමෘතය ගෙනත් දුන්නත් ඒ අය කියන්නේ අමෘතයට ලුනු මදි කියළයි. ඒ නිසා ඒ අය විවේචනකළාට කමක් නෑ. අපි රජය විදියට අපිට කළ හැකි දේ කරනවා". යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.