නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශද ව්‍යාපෘතියට අයත්ය. රාජ්‍ය පෞද්ගලික දෙඅංශය සේම ආගමික පූජ්‍යස්ථානද ඊට එක්වී සිටී. වැඩිහිටි නිවාස සතු භූමි භාගද වගාවට යොදා ගැනේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී (20 දින) පැවැති කොළොම්තොට වගා සංග්‍රාමය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මේ තොරතුරු සඳහන් කළේය.
“වසර තුනකට පෙර ඇති වූ කොවිඩ් වසංගතයෙන් වැඩිම පීඩාවට පත් වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවයි. නිරෝධායන ඇඳිරි නීති සමයේ රජයේ නිලධාරීන්, පෞද්ගලික අංශය, ජනතාව සමඟ එක්ව කෘෂි කාර්මික කටයුතු ආරම්භ කළා. තරුණ පිරිස් වැඩි වශයෙන් වගාවට ඉදිරිපත් වුණා. ඒ නිසා දශකයකටත් වැඩි කාලයක් වගා නොකළ පුරන් කුඹුරු අක්කර 800 පමණ අස්වද්දන්න හැකියාව ලැබුණා. කෘෂි කාර්මික විවිධාකාර ව්‍යාප්තියක් ඇති කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට යම් පිළියමක් ලෙස කොළොම්තොට වගා සංග්‍රාමය ආරම්භ කළා”
කොළඹ දිස්ත්‍රික් වගා සංග්‍රාමය නාගරික ප්‍රදේශ වලට මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලට ගැලපෙන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය එකතු වී වගා කළ හැකි භුමිය හදුනාගෙන ඒ අනුව වගා වැඩ කරගෙන යාමට සැලසුම් කර ඇත. දිස්ත්‍රික්කයේ පවතින රජයේ ඉඩම්, විහාරස්ථානවල පවතින වගා කළහැකි ඉඩම්, ළදරු පාසල්, වැඩිහිටි නිවාස ආදියට අයත් ඉඩම් යොදාගෙන වගා කටයුතු කරගෙන යාම සඳහා රජයේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණය ලැබී ඇත. ජනතාව හදවතින්ම වගා සංග්‍රාමයට එතතුවිය යුතු බව කොළඹ දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සේනක පී. සිල්වා මහතා ප්‍රකාශ කළේ වගාව අළෙවිය සඳහා නොව, හුවමාරුව තුළින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂා කරන බවයි. එළවළු වගාව මෙන්ම අල බෝග වගාව ප්‍රචලිත කිරීමටද කටයුතු යොදා තිබේ.දේශීය වැල් අල බෝග අක්කර 100 ක වගා කිරීමට ද පියවර ගෙන තිබෙන බව සේනක මහතා පැවසීය.
වගා තාක්ෂණය ගමට ගෙන යාම සඳහා කෘෂි කර්ම ඩිජිටල් කරණය වැඩසටහනක් ද ක්‍රියාත්මන කර ඇත. “කෘෂි ඇඩ්වයිස් ඇප්” ඔස්සේ ඕනෑම කෙනෙකුට වගාවට සම්බන්ද තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බව කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල නාගහවත්ත මහතා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී.ප්‍රේමදාස මහතා ද එක්විය.