පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ලැබුණු මෙම එළවළු පැළ සහ බීජ ආණ්ඩුකාරවරිය සහ කාර්යාලීය නිලධාරින් විසින් ගෙවත්තේ සිටවූහ. මීට සමගාමීව නැගෙනහිර පළාත් සභාවට අයත් සෑම රාජ්‍ය ආයතනයකම ආදර්ශමත් ගෙවත්තක් ඇති කරන ලෙස ආණ්ඩුකාරවරිය සියළු ආයතන ප්‍රධානීන් හමුවේ අවධාරණය කර තිබේ.
ඉදිරියේදි පැමිණෙනු ඇතැයි කියන ආහාර හිඟයට සාර්ථකව මුහුණදීම සදහා ජනතාව දැනුවත් කිරීමේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය ආයතන වල ආදර්ශ ගෙවතු වගාවන් ඇති කරන මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.
මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.