22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද(21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ , මෙමගින් රටට යහපත් ව්‍යාවස්ථාමය වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙතෙක් කල් ජනතාවගේ සිතේ විවිධ අවිශ්වාස ගොඩ නගමින් තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය මිත්‍යාවක් බව පසක් කරමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරමින් මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ බව සඳහන් කළේය.
මෙම කැබිනට් මාධ්‍ය හමුවට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ,19 වන ව්‍යවස්ථාවේ තිබූ අඩුපාඩු සම්පූර්ණ කර ගනිමින් ඉදිරිපත් කළ 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය හිමි වු බවයි.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතිකාවතක් පැවති බවත් බුද්ධිමත් ජනතාවගේ විශාල හඩක් පැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊයේ දිනයේදී ඒ සඳහා අනුමැතිය හිමි වූ බවද කීය