අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිණි.
දුම්රිය රක්ෂිත ඉඩම් තාවකාලික පදනම මත ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය
ඒ අනුව වගා කටයුතු සඳහා දුම්රිය රක්ෂිත ඉඩම් තාවකාලික පදනම මත ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කළ ප්‍රවාහන අමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කළ කෘෂිකර්ම අමාත්‍යවරයා එන මහ කන්නය වන විට වගා කළ හැකි සියළු ඉඩම් වගා කිරීමට කටයුතු කරන බව කීය. දුම්රිය දෙපාර්තමේන්තුව සතු බොහොමයක් අනවසරයෙන් අල්ලා ගෙන ඇති බවත් ඇතැම් ඉඩකඩම් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා බව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍යවරයා ජාතික ආහාර අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන මුං ඇට, කව්පි,බඩ ඉරිගු වැනි භෝග වගා කිරීම සඳහා අවධානය යොමු කර ඇතැයිද කීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු කන්දකාඩු ගොවිපළ බඩ ඉරිගු සහ සත්ව ආහාර වන තෘණ නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු කන්දකාඩු ගොවිපළ බඩ ඉරිගු සහ සත්ව ආහාර වන තෘණ නිෂ්පාදනය සඳහා යෙදවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
උතුරු නැගෙනහිර පළාත්වල නොගැඹුරු මුහුදු තීරය ආශ්‍රිතව අපනයනය ඉලක්ක කර ගත් මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගම්මාන ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මුහුදු කූඩැල්ලන් සඳහා ද විදෙස් වෙළඳපොළ විශාල ඉල්ලුමක් ඇති බවත් ඒ වෙනුවෙන් අක්කර 5000ක් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
ජාතික පරිසර ප්‍රතිපත්තිය
ජාතික පරිසර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම අදහස් ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කළ බවද මහින්ද අමරවීර මහතා කීය.
ඉන්දියාවෙන් ලැබෙන පොහොර තොගය ලබන මස 06 වන දින වන විට, මෙරටට ලැබෙන බවත් එය ජූලී 15 වන විට ගොවිජනතාව අතර එම පොහොර තොල බෙදා දිය හැකැයිද අමාත්‍යවරයා කීය.
යම් ආහාර හිගයකට මුහුණ දීමට සිදු වන බව නොරහසක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙහි බරපතල බව තේරුම් ගත් මෙරට ජනතාව වගා කිරීමට යොමු වී ඇති බවත් පෙන්වා දුන්නේය. ඇති වීමට තිබූ බරපතල ආහාර හිගයට මේ ඔස්සේ විසඳුම් ලැබෙන බව කී අමාත්‍යවරයා අනවශ්‍ය ලෙස ආහාර තොග එක් රැස් කිරීමෙන් වළකින්නැයි ද කීය.
ඉදිරියේ දී වී අලෙවි මණ්ඩලය මඟින් සහල් වෙළඳ පොළට නිකුත් කරන බවද කී අමාත්‍යවරයා, වී අලෙවි මණ්ඩලය සතු වී තොග මේ වන විට වෙළඳපොළට නිදහස් කරමින් සිටින බවත් කිසිවකුට බඩ ගින්නේ මැරෙන්න ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා කීය.