විදුලි බල සංශෝධන පනත සම්බන්ධයෙන් පසුගියදා පැවති විවාදයේදී රන්දෙනිගල සහ රන්ටැඹේ වාන් දොරටු විවෘත කරමින් විදුලි ඉංජිනේරුවරුන් විසින් නිරපරාදේ ජලය අපතේ යවන බවට විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විදුලි ඉංජිනේරවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙය එම ඉංජිනේරුවරුන් විසින් සිදු කළ ක්‍රියාවක් නොවන බවට තමා එයා නිවැරදි කළ බවයි.
නමුත් මෙම නිකුත් කළ ජලය විදුලි උත්පාදනයට යොදා නොගෙන නිකුත් කිරීමෙන් බරපතල වරදක් සිදු වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා , ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරි සතියේදී ඉදිරිපත් කරන බවද කීය.
මෙම සිදුවීමේ පරීක්ෂණ කටයුතු ඉතාමත් මන්දගාමී අයුරින් සිදු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පරීක්ෂණය පවත්වන තුරු එම නිලධාරින් තාවකාලිකව එම තනතුරු වලින් ඉවත් කිරීමට තමා උපදෙස් ලබා දුන්නද එය තවමත් ක්‍රියාත්මක වී නැතැයිද පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවේ නැගී සිටි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ විදුලි වර්ජනය පැවති දිනක සිදු වූ මෙම සිදුවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. මන්ත්‍රීවරු වශයෙන් අප පෙනී සිටිය යුත්තේ මහජනතාව වෙනුවෙන් බව පෙන්වා දුන් කම්කරු අමාත්‍යවරයා එම සිදුවීම කළ වෘත්තීය සමිති වෙනුවෙන් පෙනී නොසිටින ලෙසද සභාවෙන් ඉල්ලා සිටියේය.
විදුලි සාමාන්‍යධිකාරිවරයා නීතිය ක්‍රියාත්මක නොකරයි නම් ඔවුන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්නේය.