කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වර්තමානයේදී, කාර්මික ආරවුල් පනතට අනුව සේවකයන්ගේ සේවය අවසන් වූ අවස්ථාවන්හි, ඒ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ නඩු කටයුතු පමණක් කම්කරු විනිශ්චය අධිකාරියක් යටතේ සිදු කෙරෙයි. සේවා නියුක්ත සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල, වැටුප්, වෙනත් සේවා කොන්දේසි හා තත්ත්වයන් පිළිබඳව වූ විවිධාකාර පනත්වල ඇති ප්‍රතිපාදනයන්ට හාම්පුතුන් එකඟ නොවන හෝ එම රෙගුලාසීන් කඩකරන අවස්ථාවකදී, නඩු පැවරීම මහේස්ත්‍රාත් අධිකරණයන් තුළ දී සිදු කරනු ලැබේ.
මෙහිදී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ 80 ක පමණ නඩුකරයන් 16000කට අධික ප්‍රමාණයක් පවරනු ලැබ තිබීමයි. මෙම නිසා අගතියට පත් සේවකයින්ට යම් සාධාරණයක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බව ද, දැනට ඉතා සුළු ප්‍රමාණයක නඩු කටයුතු සිදුකරන, දිවයින පුරා ස්ථාපිත කම්කරු විනිශ්චය සභා 37 ක් වෙත මෙම බලය පවරන්නේ නම්, අගතියට පත්වන පාර්ශවයට සධාරණයක් ඉටු කිරීම කඩිනම් කළ හැකි බව ද මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
රටේ පවතින වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ , 21 වන සශෝධනය ගෙන ඒමට නොහැකි බව කියමින් චෝදනා කළ විපක්ෂය , ආණ්ඩුවේ එකගතාවය ඇතිව 21 වන සංශෝධනය අහෝසිකර , 19 වන ව්‍යවස්ථාවේ අඩු පාඩු සකස්කරමින් ඉදිරිපත් කළ 22 වන ව්‍යවස්ථා සංශෝධන ගෙන ආ පසු , විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවෙන් නැගිට යන බවයි.