එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2014 වර්ෂයේ ජාත්‍යන්තර යෝගා දිනය ප්‍රකාශයට පත් කරන ලදි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි මහතාගේ යෝජනාවක් අනුව 2015 ජුනි 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර යෝගා දිනය සමරණු ලබයි.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. එම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද එක් විය.
අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පැවසීය.
ජීවිතයට වගේම යහපැවැත්ම වෙනුවෙන් ‘‘යෝගා’’ හොද ක්‍රියාකාරකමක්. අපි සුබපතනවා ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය විසින් අද දින මෙම වැඩසටහන සංවිධානය කිරීම පිළිබදව. යෝගා ඉන්දියාවේ පුරාණ සම්ප්‍රදායෙන් අපිට ලැබුණු වටිනා දායාදයක්. එය ශාරීරික ව්‍යායාමයක් පමණක් නොව මනස හා ශරීරය ඒකාග්‍ර කරනවා. යෝගා ව්‍යායාම, සිතුවිලි සහ ක්‍රියාව, සංයමය සහ ඉටුවීම, මිනිසා සහ සොබාදහම අතර සහ සම්බන්ධතාවය, මානව වර්ගයාගේ සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ පරිපූර්ණ ප්‍රවේශයක් වෙත ළඟා කරනවා. වසර ගණනාවක සිට ඉංදියාව හා ශ්‍රී ලංකාව අතර සුහඳ සබඳතාව ගොඩනගා ගනිමින් අපි ජාත්‍යන්තර යෝගා දිනය සමරනවා.