බාධාවකින් තොරව සෞඛ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සිකුරාදා දිනයේ දී අවස්ථාව සළසා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විධිමත් අයුරින් සෞඛ්‍ය අංශයේ සේවයේ නියතු නිලධාරීන්ට පමණක් මෙම අවස්ථාව ලබා දීමට සෑම උත්සාහයක්ම ගන්නා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ ,ආර්ථික දුෂ්කරතා හමුවේ සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ සැලසුම් යන මැයෙන් අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
රටේ සැමටම බලපා ඇති ඉන්ධන හිඟය සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නිලධාරීන්ටද එකසේ බලපාන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා , රෝගීන්ගේ ජීවිත අවදානමට පත් නොකිරීමට නම් සෞඛ්‍ය සේවකයන් බාධක හමුවේ වුවද රෝහල් වෙත රාජකාරී කටයුතු සඳහා අත්‍යාවශයෙන්ම පැමිණිය යුතු බව කීය.
එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ 150,000ක් පමණ සේවයේ නියුතු බවත් එයින් ඉතාමත් සුළු පිරිසකට නේවාසික පහසුකම් ලබා දී ඇතත් වෛද්‍ය නිලධාරීන් ඇතුළු බොහොමයක් නිලධාරීන් පෞද්ගලික හෝ පොදු ප්‍රවාහනය යොදා ගෙන සිය රාජකාරී කටයුතු සඳහා රෝහල් වෙත පැමිණෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.