පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    නැගෙනහිර ආණ්ඩුකාරවරිය සහ පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

    ජූනි 22, 2022

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මුහුණ දිම සදහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බව මෙරට පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා පැවසීය.

    පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය විසින් පසුගිය 18 සහ 19 යන දෙදින සංවිධානය කළ විවෘත බැට්මිටන් තරගාවලියේ ත්‍යාග ප්‍රදානොත්සවයට සහභාගි වීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය. එම හමුව පසුගිය ඉරිදා ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේ දී පැවැත්විණි.

    එම හමුවට පෙර බැට්මිටන් තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ සහ ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභාවට අයත් බැට්මිටන් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඉන් ජයග්‍රහණය කළ ක්‍රීඩක කීඩිකාවන්ට ආණ්ඩුකාරවරිය සහ මහ කොමසාරිස්වරයා අතින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමද සිදු විය.

    මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ බිරිඳ ඇතුළු දූත පිරිසක්ද ශ්‍රී ලංකා බැට්මිටන් සංගමයේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya