එහිදී ව්‍යාපෘතිය යටතේ වගා කළ පිපිඤ්ඤා (Green Cucumber) අස්වනු නෙලිමේ අවස්ථාවකටද ආණ්ඩුකාරවරිය එක්වීම විශේෂත්වයකි. මෙම ගොවි බිම් වල අතුරු භෝග ලෙස උසස් මඤ්ඤොක්කා ප්‍රභේදයක් වගා කර තිබු අතර එහි අස්වනු වල ගුණාත්මකභාවය පිළිබඳව ද ආණ්ඩුකාරවරිය පරීක්ෂා කළාය. එම වගා බිම් දැක බලා ගැනීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරිය මාන්කේනි ප්‍රදේශයේ හේලීස් ආයතනය මගින් ස්ථාපිත කර ඇති පිපිඤ්ඤා (Green Cucumber) අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවේද නිරීක්ෂණ චාරිකාවකට එක්වූවාය.
මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.ජී.කේ මුතුබණ්ඩා, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය එම්.හුසේන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.