ඉදිරියේ රට තුළ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස ආරම්භ කර ඇති මෙම වගා වැඩපිළිවෙළ දිවයින පුරා පිහිටා ඇති ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල කාර්යාල, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ කාර්යාලය සහ ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයන් හි මෙහෙයවීමෙන් ආරම්භ කර ඇත.
මෙම වැඩපිළිවෙල යටතේ ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ කාර්යාල පරිශ්‍ර, ව්‍යාපෘති ආශ්‍රිත ඉඩම් කොටස් ජල පවිත්‍රාගාර, ජල කුළුණු, පිරිපහදු මධ්‍යස්ථාන ආශ්‍රිත බිම් කොටස් මෙම වගා සංග්‍රාම කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල පරිශ්‍ර ආශ්‍රිත බිම් කොටස් මෙන්ම තුන් දහසක් පමණ වන ප්‍රජා මූල සංවිධානයන්හි සාමාජික පිරිස් දස දහස් ගණනකගේ සහභාගිත්වයෙන් යුතුව මෙම වගා සංග්‍රාම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙයට අමතරව ජල සම්පත් මණ්ඩලය දිස්ත්‍රික් කාර්යාල පද්ධතිය ද මේ සඳහා යොදාගෙන ඇති අතර බත්තරමුල්ල පැලවත්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී ද වගා කටයුතු සඳහා යොදාගත හැකි සියලු බිම් කොටස් මේ යටතේ ආවරණය කෙරේ.
ජල සම්පාදන අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩපිළිවෙළේ විශේෂත්වය වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම ක්‍රියාවලිය සිදු වීම සහ පැල බීජ පොහොර ඇතුළු අනෙකුත් සියළුම යෙදවීම් සඳහා රාජ්‍ය මුදල් භාවිතා නොකොට ස්වෙච්ඡාවෙන් සේවක පිරිස් මැදිහත් වීමෙන් සිදුකර ගැනීමයි.
සෑම ආයතනයක්ම ආශ්‍රිතවම මෙම කටයුතු මෙහෙයවීම විධායක නිලධාරිවරයකුගේ අධික්ෂණය යටතේ සිදුකරන අතර මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මෙහෙයුම් කාර්යාලයක්ද ක්‍රියාත්මක කෙරේ