ඉන්ධන අර්බුදය හේතුවෙන් තේ කර්මාන්තශාලා අඩාල වීම සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
සෞඛ්‍ය , අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර මෙන්ම , ප්‍රධාන අපනයන කර්මාන්තයක් වන තේ කර්මාන්තය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන බවත් රුපියල අව ප්‍රමාණය විම හරහා තේ , කුරුඳු ඇතුළු අපනයන භෝග සඳහා හොඳ ඉල්ලුමක් ලැබී ඇතැයි ද අමාත්‍යවරයා කීය. ජාතික වශයෙන් පවතින හිග තාවය මෙම කර්මාන්තයටද බල පා ඇති බවත් එහෙත් ඩොලර් ගෙනෙන කර්මාන්තයක් වශයෙන් ඊට ප්‍රම්‍රඛ තාවය ලබා දෙන බවද කීය.
ඉදිරියේදී ඉන්දියාවෙන් ලැබෙන යූරියා වලින් මෙට්ට්‍රික් ටොන් 20,000ක් තේ කර්මාන්තය සඳහාද ලබා දෙන බවත් කෘෂි කර්ම අමාත්‍යවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද කීය. ලෝක බැංකු අරමුදල් හරහා මෙරටට පොහොර ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති බවද කීය. වැවිල් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. තවද කුඩා තේ වතු හිමියන් සඳහා , පොලී රහිත ණය ක්‍රමවේදයක්ද හඳුන්වා ඇති බවත් පොහොර මිලදී ගැනීම සඳහා ඒම ණය මුදල යොදා ගත හැකි බවද කීය. වගා කර නොමැති වතු සමාගම් වලට අයත් ඉඩම් වගා කිරිමේ වැඩපිළවෙළක්ද ක්‍රියාත්මක බව අමාත්‍යවරයා කීය.