වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා (22) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
2020,2021 වසරේ විශාල පාසල් දින ගණනක් දරුවන්ට අහිමි වූ බවත් ඔන්ලයින් අධ්‍යාපනය ග්‍රාමීය ප්‍රදේශ වල එතරම් සාර්ථක නොවී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඊයේ දිනයේදී ප්‍රවාහන ගැටළු නොමැති ග්‍රාමීය ප්‍රදේශ වල ගුරුවරු සහ දරුවන්ගේ පාසල් පැමිණීම ඉතා හොඳ මට්ටමක පැවති බවත් පෙන්වා දුන්නේය. ඊයේ(21) දිනයේදී පමණක් , වයඹ පළාතේ ගුරුවරුන්ගේ පැමිණීම 71% ක් සහ දරුවන්ගේ පැමිණීම 66%ක් බවත් , උතුරු පළාතේ ගුරුවරුන්ගේ පැමිණීම 71% ක් සහ දරුවන්ගේ පැමිණීම 77%ක් බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව දිවයින පුරා පාසල් 10,193කින් පාසල් 9567 ක් විවෘත කර තිබේ.
උසස් පෙළ විභාගය තව කල් දැමීමට සිදු වනු ඇතැයිද කී අමාත්‍යවරයා එම දරුවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හරහා විශේෂ සැසි පැවැත්වීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇතැයිද කීය. වර්ෂ අවසානය වන විට අත්‍යාවශ්‍ය ඉගෙනුම් ඒකක ආවරණය කර ගැනීමේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්ද සැළසුම් සකස් කළ බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය. පාසල් තුළ වගා කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද චක්‍ර ලේඛයක් මගින් විදුහල්පතිවරු දැනුම්වත් කර ඇති බවත් දරුවන් හරහා මෙම පණිවිඩ නිවෙසේ සිටින දෙමව්පියන්ට යවන බවද කීය.