ලේකම්වරයා මේ බව පැවසුවේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ ලේකම්වරයා පැවසුවේ මෙය කිසිසේත් රාජ්‍ය සේවකයින් , රජය හරහා විදේශගත කිරීමේ වැඩපිළිවෙළක් නොවන බවයි. විශ්‍රාම වැටුප සහ ජ්‍යෙෂ්ඨත්වය ආරක්ෂා වන පරිදි විදේශගත වීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි , රජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් තිබූ බවත් ඒ අනුව එම ඉල්ලීම සළකා බල මෙම ප්‍රතිපත්තිමය යෝජනාව විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.
වයස අවුරුදු 35ට අඩු රාජ්‍ය නිලධාරීන්ට තොරතුරු තාක්ෂණ දැනුම, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක / භාෂා දැනුම වර්ධනය කර ගැනීමට හෝ පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් සම්පුර්ණ කිරීම සඳහා හෝ වසරක කාලයක උපරිමයට යටත්ව දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකිය.
අත්‍යාවශ්‍ය සේවාවන්ට කිසිදු බාධාවක් ඇති නොවන අයුරින් අදාළ අමාත්‍යංශ විසින් යවන සේවක ප්‍රමාණය තීරණය කළ යුතු යැයිද ලේකම්වරයා කීය. විදේශ ගත වීමට ප්‍රථම අවශ්‍ය වන පුහුණුම සඳහාද මෙම නිවාඩු අදාළ වේ අපට සමහර සේවාවන් වල නිලධාරින් ඒහෙම යවන්න බැහැ. ඒ පිළිබඳව මිනිස් බල තක්සේරුවක් අවශ්‍යයි ලේකම්වරයා වැඩිදුරටත් කීය.
විදේශ ගතවන රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ නමට විවෘත කරන ලද අනේවාසික ගිණුමක් හරහා සෑම මාසයකම නිශ්චිත විදෙස් මුදල් ප්‍රමාණයක් එවීම සිදුකළ යුතු බව ද ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී ප්‍රාථමික සේවා ගණනයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 100ක්, ද්විතීයක ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 200ක්, තෘතීයක සේවා ගණයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 300ක් සහ විධායක සේවා ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 500ක මුදලක් මාස් පතා මෙරට පිහිටි සිය අනේවාසික ගිණුම් වෙත එවිය යුතුයි.