රුසියානු බලශක්ති අමාත්‍යවරයා හරහා ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු සිදු කළ යෝජනාවට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.
රුසියානු රාජ්‍ය හරහා අඩු මුදලට ඉන්ධන ලබා ගත හැකිව තිබියදී රජය වැඩි මුදලට ඉන්ධන ලබා ගන්නවා යැයි වැරදි මතයක් ඇතිවිය හැකියි.
අවුරුදු ඒක හමාරක් බලශක්ති අමාත්‍යංශය තිබුණේ ඒතුමාගේම සන්ධානයේ . දැන් මිලදී ගන්නවාට වඩා 35%ක් අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව තිබුණා නම් ඒතුමාගේ
සන්ධානය නියෝජනය කළ අමාත්‍යවරයාට අවස්ථාව තිබුණා. අපි හොයල බලන්න ඔින ඇයි අවුරුදු ඒකහමාරක් ඒසේ කරන්න නොහැකි වුණේ කියලා.
ටෙන්ඩර් ක්‍රියාවට ඒන්නේ නැහැ කියා රුසියාව දැන්වුවා. පසුව ඛනිජ තෙල් සංස්ථාව විශේෂ ඉල්ලීමක් කළා. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හරහා ලිපිගොනු පවා හුවමාරු කරගත්තා.
රජය දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කටයුතු කළා. අද උදෙත් මොස්කව් නගරයේ සිටින තානාපතිනිය මට කතා කළා. ඔබතුමන්ලාට නායකත්වය දිය හැකි නම් ඒ සඳහා අවශ්‍ය පහුකම් සළාසා දෙන්නම් යැයි කීය.