දෙරට අතර කම්කරු ක්ෂේත්‍රයේ පවතින සම්බන්ධතාවයන් කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ අතර උසස් තාක්ෂණ පුහුණුව මෙරට ශ්‍රමිකයින්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා, චීන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මෙරට තරුණ ශ්‍රමිකයින්ට තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ලබාදෙන ලෙසත්, තාක්ෂණික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසටත් ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
රටේ ඇතිවී තිබෙන අර්බුදයට විසදුමක් ලෙස විදේශ විනිමය රට තුළට ගෙන ඒම සදහා චීන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම ගැනද මෙහිදී අවධානය යොමු විය. වාර්ශිකව චීන සංචාරකයින් මිලියන 160ක් පමණ ලෝකයේ විවිධ රටවල සංචාරය කරන බව චීන තානාපතිවරයා පැවසුවේය. එම සංචාරකයින්ගෙන් සියයට එකක් ලංකාවට ගෙන්වා ගැනීමට හැකිනම් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි බව මනුෂ නානායක්කාර ඇමැතිවරයා පෙන්වා දුන් අතර එයට චීන තානාපතිවරයාගෙන් සුභවාදී ප්‍රතිචාරයක් ලැබුණේය.
කොරෝනා වංසගතය අවස්ථාවේදී චීනයෙන් ලබාදුන් සහාය අගය කළ මනුෂ නානායක්කාර ඇමැතිවරයා ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා චීනය ලබාදෙන සහායද අගය කළේය.
කම්කරු ක්ෂේත්‍රයේදී දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ මනුෂ නානායක්කාර ඇමැතිවරයා චීනය විසින් ක්‍රියාත්මක One China ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමේදී කම්කරු ක්ෂේත්‍රයේදී සහාය ලබාදෙන බවද පැවසුවේය.