ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟ පෙන්වීම යටතේ නැගෙනහිර නාවික විධාන ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය හා නැගෙනහිර නාවික විධානයේ වෛද්‍ය අංශයේ කාර්යය මණ්ඩලය එක්ව 2022 ජුනි මස 08, 09, 10 සහ 15 යන දිනයන්හි පාසල් ළමුන් සඳහා කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදි.
ඒ අනුව, ත්‍රිකුණාමලය මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේදී ළමුන් 56 දෙනෙක්, සහිරා විද්‍යලයේදී ළමුන් 136 දෙනෙක්, ශාන්ත මරියා විද්‍යාලයේදී ළමුන් 282 දෙනෙක් සහ ඕර්ස්හිල් විවේකානන්ද විද්‍යාලයේදී ළමුන් 300 දෙනෙක් ඇතුළුව පාසල් සිසුන් 774 දෙනෙක් සඳහා එන්නත්කරණය කිරීම සිදු කරන ලදී.
තවද, මහජනතාව උදෙසා සිදුකරනු ලබන සමාජ සුභසාධන සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් සඳහා ඉදිරියේදීද අවශ්‍ය සහයෝගය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී