මෙම ආධාර තොගය අතර අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 38 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 250 ක් සහ සහල් මෙට්‍රික් ටොන් 15 ක් ඇතුළත් වේ.ජීවිතාරක්ෂක ඖෂධ හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් මෙහිදී ආධාර වශයෙන් මෙරටට ලැබෙනු ඇත.මෙම ඖෂධ වල විනාකම ඉන්දියානු රුපියල් මිලියන 119 ක් පමණ වන අතර මුළු ආධාර තොගය රුපියල් බිලියන 03 ක් පමණ වේ.
ආධාර තොගය නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල,වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද,සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා සහ සෞඛ්‍යාධාර) වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.