මීළඟ ඉන්ධන නෞකාව වරායට පැමිණ ගොඩබාන තුරු, පොදු ප්‍රවාහනය, බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් දැනට ඇති සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින බවත් අමාත්‍යවරයා පවසයි.
එසේම සියලුම නව සහ දැනට සිටින සැපයුම්කරුවන් සමඟ සහයෝගයෙන් වැඩ කරන බවත් සැපයුම්කරුවන් , බැංකු සහ සැපයුම් හේතූන් මත නියමිත වේලාවට ඉන්ධන බෙදා හැරීම් සිදු කිරීමට නොහැකි වූ බවත් මීළඟ බොරතෙල් නෞකාව මෙරටට පැමිණෙන තෙක් පිරිපහදු මෙහෙයුම් තාවකාලිකව වසා දමනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත