ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින අතුරුදහන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය හා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වනකාර්යාලය විසින් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර ඇති අතර එමකටයුතුවලට හා සිංහල හින්දු මිත්‍රත්ව සංගමයේ වැඩ සටහන් කිහිපයකට එක් වීම අධිකරණ අමාත්‍යවරයාගේ යාපනය සංචාරයේ අරමුණ වේ.
යාපනයට පැමිණිමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ විශේෂයෙන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මතකිරීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සදහා කටයුතු කළ යුතුබවත් , ජාතික සමගිය ඇති වන ආකාරයෙන් එය ඉටු කළ යුතු බවත් , ප්‍රජාතන්ත්‍රවාදයස්ථාපිත කිරීම සදහා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත විය යුතු බවත් ය.
එසේම ජාතීන් අතර සමගිය සහෝදරත්වය තවදුරටත් වර්ධනය විය යුතු අතර රාජ්‍ය සේවය ඇතුලු සියලු සේවාවන්ගේ සමානාත්මතාවය ඇති විය යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේයමෙරට පැවති යුදමය වාතාවරණයෙන් පසුව ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීම , සාමය ඇති කිරීම හා ප්‍රතිසන්ධානය ඇති කිරීම වෙනුවෙන් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානයසදහා වන කාර්යාලය ස්ථාපිත කර තිබේ.
යුද්ධයෙන් අතුරුදහන් වු ජනතාවගේ පවුල් වෙනුවෙන් සුභ සාධන කටයුතු සිදු කිරීම ඔවුන්‌වෙනුවෙන් වන්දි මුදල් ලබාදීම හා යුද්ධයෙන් හානි වු දේපළ සම්බන්ධව කටයුතු කර අදාළපියවර ගැනීම සදහා හානි පූර්ණ කාර්යාලය හා අතුරුදහන් වුවන්ගේ කාර්යාලය ස්ථාපිතකර ඇත.