මාධ්‍යය ප්‍රකාශය
අන්තර් ජාතික වෛද්‍ය සෞඛ්‍ය සංවිධානය යනු ලොව පුරා දුෂ්කර ප්‍රදේශ වල සෞඛ්‍ය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යොමු වූ අන්තර් ජාතික මානූෂීය සංවිධානයකි. සෞඛ්‍ය අවශ්‍යතා හදුනා ගනිමින්, අදාල සම්පත් යෙදවීම් සහ පුහුණු කිරීම් සිදු කිරීම මගින් ලොව පුරා සිටින අඩු පහසුකම් සහිත වූවන්ගේ සෞඛ්‍යමය තත්වයන් වැඩි දියුණු කිරීම අන්තර් ජාතික වෛද්‍ය සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය වේ.
2004 වසරේ සිට ඇමරිකානු ඩොලර් මිලියන 10 කට වැඩි ප්‍රමාණයක් වැය කරමින් ලොව පුරා රටවල් 18ක දුෂ්කර ප්‍රදේශ වලට හදිසි අවස්ථාවන් වලදී ජීවිතාරක්ෂක සෞඛ්‍ය පහසුකම් ලබා දීමට අන්තර් ජාතික වෛද්‍ය සෞඛ්‍ය සංවිධානය විසින් කටයුතු කොට ඇත.
මෙම ආර් ථික අර්බුදකාරී තත්වය හමුවේ ඇමරිකානු ඩොලර් 5000 ක වටිනාකමකින් යුත් සායනික මැහුම් කටයුතු සඳහා අවශ්‍යය වන ද්‍රව්‍ය ඇතුලු තවත් ආධාර තොගයක් එම සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට 2022 ජූනී මාසයේදී පරිත්‍යාග කරණ ලදී.
තවද, කොවිඩ් වසංගත තත්ත්වයේ ආරම්භයේ සිට අන්තර් ජාතික වෛද්‍ය සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු ආධාර මගින් එම් වසංගතය මැඩලීම සඳහා අප විසින් ගෙන යනු ලබන අඛන්ඩ උත්සාහයටද නොමද සහයක් ලැබුණි.
--