අමාත්‍යවරයා මේ බව පැවුසවේ,අද (26) බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනනි.
ඉදිරි දින කිහිපයේ CTB බස් රථ, පෞද්ගලික බස් රථ ,කර්මාන්ත ,දුම්රිය අත්‍යවශ්‍ය සේවා හැටියට ඇති වරාය, දුම්රිය සහ ගිලන්රථ සඳහා ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය .
ඊයේ රාත්‍රීයේ ආරක්ෂක මණ්ඩලය රැස්වු බවත් එහිදී ඔවුන් පොලීසිය ඇතුළු ත්‍රිවිද හමුදාව සෑම පිරවුම්හලකටම යෙදවීමට තීරණය කර ඇතැයි කී අමාත්‍යවරයා , මූල්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුවන තුරු යම් අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇති බවද සඳහන් කළේ ය.
එසේම කිසිදු සමාගමක් පෙර ගෙවීමක් නොමැතිව මෙරටට ඉන්ධන ලබා නොදෙන තත්ත්වයට පත් වී ඇති බවත් රට මෙවැනි තත්ත්වයට පත්වීම පිළිබඳව තමන් කණගාටු වන බවත් කී අමාත්‍යවරයා ,ඉන්ධන සදහා ඩොලර් මිලියන 550ක් පමණ මේවන විට අවශ්‍ය වී ඇතැත් මේ මාසය සදහා අප සතුව ඇත්තේ ඩොලර් මිලියන 130 ක් පමණක් බවද කීය .
දැනට පවතින ඉන්ධන අර්බුදය තවත් වසරක් පමණ කාලයක් හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇති බව කී අමාත්‍යවරයා , එම කාලය අතරතුර ඉඳහිට ඉන්ධන පෝලිමේ නැති වනු ඇති නමුත් යලි ඇති වනු ඇති බවද කීවේය .
දැනට ඉන්ධන පරිභෝජනය සදහා මාසිකව ඩොලර් මිලියන 550ක් වැය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , ඩොලර් මිලියන 350 ට පමණ එය අඩු කර ගත යුතුයි බවත් ඒ සදහා යම් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවද කීය .
දැවි තෙල් සම්පූර්ණයෙන්ම විදුලි බල මණ්ඩලයට ලබා දී ඇතැයි කී අමාත්‍යවරයා ,එළැඹෙන සතියේ පැය දෙකහමාරක් එක දිගට විදුලිය විසන්ධි වීමක් සිදු නොකර පැය එකහමාර බැගින් දහවල් සහ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව සිදු කිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති බවද කීවේය
භූමිතෙල් මිල සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණ ද මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇති බැවින් භූමිතෙල් නිකුත් නොකිරීම තුළ මිල සංශෝධනයකට නොගිය බව කී අමාත්‍යවරයා , ඉන්ධන ආනයනය ඇතුළු තවත් සාකච්ඡා කිහිපයක් සඳහා අමාත්‍යවරුන් දෙදෙනක් හෙට රුසියාව බලා පිටත්ව යන බව ද සඳහන් කළේ ය.