පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වාගේ අධීක්‍ෂණය යටතේ විධාන කිමිදුම් ඒකකය මඟින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, ක්‍රමවත් ජල බැස්ම අවහිර කරමින් ආනවිලුන්දාව පහින බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව අධික ලෙස ව්‍යාප්තව තිබූ ජලජ ශාක ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීම මඟින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාගැනීමේදී මෙතෙක් පැවති දුශ්කරතා මඟහරවා ගැනීමට මෙන්ම ගංවතුර අවදානම අවම කිරීමටද හැකියාව ලැබිණි.
තවද, මෙවැනි අවහිරතා හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සහ දෛනික ජල අවශ්‍යතාවය සපුරා ගැනිමේදී මහජනතාවට සිදුවන අපහසුතා මඟහැරවීමට මෙන්ම, ඒ හේතුවෙන් ඇති විය හැකි ගංවතුර අවදානම අවම කිරීමටද නාවික හමුදාව අදාල පාර්ශවයන් වෙත අවශ්‍ය සහයෝගය ලබාදීමට නිරන්තර සූදානමින් සිටියි.