සභාපතිවරයා මේ බව පැවසුවේ ,ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි .
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ සහ පුවත්පත් දැන්වීම් මගින් (28) එම ඉදිරිපත් වූ යෝජනා ප්‍රසිද්ධියට පත් කරන බව කී සභාපතිවරයා ,ලංකා විදුලිබල මණ්ඩලය ,මහජන උපයෝගීතා කොමිෂන් සභාවවෙන් කල ඉලල්ලීමකට අනුව ගාස්තු සංශෝධනය සදහා කටයුතු කරන බව ද කිවේය .
විදුලි ඒකක 30, 60 සහ 90ට වඩා විදුලිය භාවිතා කරන පාරිභෝගිකයට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කල 853% ක ප්‍රමාණයේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර බැලූ බව කී සභාපතිවරයා ,මහජනතාව පත්ව ඇති ආර්ථික සහ මූල්‍ය අපහසුතාවන් සැලකිල්ලට ගෙන විදුලි ඒකක අවම ලෙස භාවිතා කරන පාරිභෝගිකයට විදුලි බිල විශාල ලෙස වැඩි නොකිරීමට තීරණය කල බවත් ඒ අයට යම් සහසහනාධාරයක් ලබා දිය යුතු බව රජයට නිර්දේශ කල බවද කීවේය .
දැනට රුපියල් 16 කට අලෙවි කරන විදුලි ඒකකය, නව මිල සංශෝධනය මගින් රුපියල් 28කට වැඩි කිරීමට යෝජනා කර බව කී සභාපතිවරයා ,විදුලි බිල සංශෝධනය කිරීම වසර 7කට පසුව සිදු කරන බවත් විදුලිබල මණමණ්ඩලයේ මූල්‍යමය තත්ත්වය ආරක්ෂා කිරීම මෙම මිල වැඩි කිරීමේ අරමුණ බවද ජනක රත්නායක මහතා පැවසුවේය.
විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව අවම කර ඔවුන්ගේ වියදම 10%කින් පමණ අඩුකර එම ඉතිරි කරගන්නා මුදල්වලින් පුනර්ජනනීය බලශක්ති වැඩි කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව කී සභාපතිවරයා ,එමගින් මෙම අර්බුදයයෙන් යම් ප්‍රමාණයකට හෝ ගොඩ ඒමට හැකි බවද කීය .