අද (27) රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද සවස පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව වරයා, සෞඛ්‍ය,ඇ.තුළු අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන් යාම සඳහා පවතින ඉන්ධන තොග ලබා දෙනු ලැෙබ්. සෙසු සියළුම රාජකාරී කටයුතු නිවසේ සිට ඉටු කරමින් කරමින් ඛනිජ තෙල් පරිභෝජනය සීමා කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.ඒසේ නොවුනහොත් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම අසීරු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම තීරණය ඒළඹෙන ජූලි මස 10වනදා දක්වා ක්‍රියාත්මක බව පැවසූ අමාත්‍යවරයා ජූලි 10 වන දිනට පසුව අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන බවද සඳහන් කළේය.
අනපේක්ෂිත ලෙස පසුගිය දින කිහිපයේ ලැබීමට තිබූ ඉන්ධන නොලැබීයාම හේතුවෙන් ූග්‍ර ඉන්ධන හිගයකට රට මුහුණ දී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය විධි විධාන සම්බන්ධයෙන්සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යවරයා අද කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කර තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් බස් ධාවනය සීමා කරන බවද අමාත්‍යවරයා කීය.
ජූලි 10වනදායින් පසු පාසල් ආරම්භ කිරීමද සිදුවන අතර ප්‍රවාහන අපහසුකම් නොමැති ගම්බද පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට අවසන් තීරණය ගත හැකිය.