මෙරටට සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව සදහා නියොජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින්ග්(kelly keiderling) හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති (27) පැවැති සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණ ඇත
ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සිදු කරන සාකච්ඡා සඳහා ද සිය සහායෝගය ලබා දෙන බව ඇමෙරිකානු රාජතාන්ත්‍රික කණ්ඩායම ප්‍රකාශ කළේ ය.
අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවති මෙම සාකච්ඡාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියාව සදහා නියෝජ්‍ය සහාකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්රොත් (Robert kaproth) සහා මෙරටට ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි ජුලි චැන්ංග්( julie chung ) සහභාගි විය .
මිට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක මහතා සහා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක අචාර්ය ආර්.එච්. එස් සමරතුංග මහතා ද එක්විය.