වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද PMB Rice සහල් අලෙවිසැල (27) කෘෂිකර්ම අමාත්‍යංශ පරිශ්‍රයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මීට සමගාමීව මිල්කෝ සමාගමේ නිෂ්පාදන අලෙවිසැලක් ද, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොල්, පොල්තෙල්, කිරි ඇතුළු නිෂ්පාදන ජංගමඅලෙවිසැල ද එම පරිශ්‍රයේදීම විවෘත කර තිබේ.
වෙළඳපොළ සහල් මිල ඉහළ යාම සහ ගුණාත්මකභාවයෙන් උසස් සහල් ලබාදීම අරමුණු කරගනිමින් PMB Rice නිෂ්පාදනය කළ අතර, ඒවාපාරිභෝගිකයන්ට මිලදී ගැනීමට සතොස වෙළඳසැල් මඟින් ද බෙදාහැරීමට කටයුතු යොදා ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම වී අලෙවි මණ්ඩලය මඟින් යල කන්නයේ වී මිලදී ගැනීමට ද අපේක්ෂා කරන බැවින් මෙම සහල් සැපයීම අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා -
කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගැනීමට සිදු වුයේ ඉතාමත් අභියෝගකාරී අවස්ථාවකදීය. මින් පෙර ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය ඉන්පසු කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වගකීම භාරගැනීම සිදු වුයේ ඉතාමත් අර්බුදකාරී අවස්ථාවක වුවත්, එම අභියෝගය ජය ගැනීමටත් සියලුදෙනා එක්ව කටයුතු කිරීම නිසා හැකියාව ලැබුණා.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිමට නම් සියලුදෙනාගේ සහයෝගය අපට අවශ්‍යයි. ඒ වාගේම ජනමාධ්‍ය සහෝදරයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ හෙට ඉඳන් සමහර අලෙවිසැල්වලට ගොස් වී අලෙවි මණ්ඩලයේ සහල් තිබෙනවා ද කියලා විමසා නැති වුණොත්, ඒවා විවේචනය නොකරන ලෙසයි. මොකද අපි වී අලෙවි මණ්ඩලයේ සහල් සපයන්නේ වෙළඳපොළ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමිනුයි. දැනට වෙළඳපොලේ සහල් හිඟයක් නැහැ. සහල් අවශ්‍ය තරම්තිබෙනවා.
ඒ වාගේම වවුනියාව, මුලතිව්, අම්පාර වැනි ප්‍රදේශවල මේ වනවිට අස්වනු නෙලනවා. එම වී සහ සහල් ඉදිරියේදී වෙළඳපොලට එනවා. ඒ නිසා ඉදිරියේදී සහල් මිල තවත් අඩුවෙන්න පුළුවන්. ඒ වාගේම වී මිලත්, මේ වනවිට අවම වෙමින් තියෙනවා. යල කන්නයේ වී මිලදී ගැනීමට සූදානම් වන ලෙස මම වීඅලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නා. ඒ නිසා ඉදිරි කාලය තුළ අප රටේ සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ. නමුත් අපි වී අලෙවි මණ්ඩලයේ සහල් සැපයීම දිගටම සිදු කරනවා.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස්, මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරු සහභාගී වූ අතර අමාත්‍යවරයා එහිදී නිෂ්පාදන කිහිපයක් ද මිලදී ගෙන ඇත.